Showing posts with label Poetry. Show all posts
Showing posts with label Poetry. Show all posts

Tuesday, May 19, 2020

I Know Why the Caged Bird Sings - Maya Angelou


කළු අමෙරිකානුවන්ගේ නිදහස් සටනේ ගිනි සිළුවක් ලෙස මායා ඇන්ජලෝ හඳුන්වා දෙන්නට පුළුවනි. මාටින් ලූතර් කිං ජූනියර්, රෝසා පාක්ස් වැනි පතාක යෝධයන් අතර මේ පුංචි කාන්තාවගේ නමත් රන් අකුරින් ලියැවී තියෙනවා. 1928 වසරේ ඇමරිකාවේ මිසූරි හි උපත ලබන ඇය ස්වකීය කළු හම නිසාම මුහුණ පාන ඛේදයන් අනන්තයි.  වයස අවුරුදු අටේදි ස්වකීය මවගේ පෙම්වතා අතින් දූෂණයට ලක්වන ඇය ඉන්පසු වසර කිහිපයක් ප්‍රකම්පනයට පත්ව හිඳිනවා.

මායා ඇන්ජලෝ ලෝකයා හඳුනා ගන්නේ ඇය විසින් රචිත ස්වයං ලිඛිත චරිතාපදාන මාලාව නිසායි. කෘතීන් හතකින් යුතු එහි පළමු කෘතිය නම් කරන්නේ “I Know Why the Caged Bird Sings” යනුවෙන්. එහි ඇගේ ළමා කාලයේ සිට අවුරුදු දහහතක් පමණවන යොවුන් සමය දක්වා තොරතුරු ඇතුළත්. මෙම ග්‍රන්ථ නාමය ගැනත් පුංචි කතාවක් තියෙනවා. තවත් කළු ඇමෙරිකානු ලේඛකයෙකු වන Paul Laurence Dunbar විසින් රචිත Sympathy නම් කවියේ එක් කොටසක් තමයි “I know why the caged bird sings”.  මායා ඇන්ජලෝ එම කොටස තම කෘතියේ නාමය ලෙස යොදා ගත්තේ එය ඇගේ දිවිය විවරණය කරන අපූරු වචන පෙළක් නිසාම විය යුතුයි. එම මාතෘකාවම යොදා ගනිමින් ඇය විසින් රචිත කවි පෙළ එවක අවවරප්‍රසාදිත කළු ඇමරිකානුවන්ගේ හා අයෝමය පීඩනයකින් ඔවුන් සිරකර සිටි සුද්දන්ගේ ජීවිත ගැන කියවෙන මනා විග්‍රහයක්. ඉස්සර වෙලාම කවිය කියවන්නකො.

I Know Why the Caged Bird Sings – Maya Angelou

The free bird leaps on the back of the wind
and floats downstream till the current ends
and dips his wings in the orange sun rays
and dares to claim the sky.

But a bird that stalks down his narrow cage
can seldom see through his bars of rage
his wings are clipped and his feet are tied
so he opens his throat to sing.

The caged bird sings with fearful trill
of the things unknown but longed for still
and his tune is heard on the distant hill
for the caged bird sings of freedom

The free bird thinks of another breeze
and the trade winds soft through the sighing trees
and the fat worms waiting on a dawn-bright lawn
and he names the sky his own.

But a caged bird stands on the grave of dreams
his shadow shouts on a nightmare scream
his wings are clipped and his feet are tied
so he opens his throat to sing

The caged bird sings with a fearful trill
of things unknown but longed for still
and his tune is heard on the distant hill
for the caged bird sings of freedom.

Glossary –

Downstream - යටිගං බලා යනවා / සුළං හමන දිශාවටම යනවා

Current - ප්‍රවාහය

Dare - ධෛර්යය

Stalks down - හොරෙන් හොරෙන් යනවා / ගාට ගාට යනවා

Seldom - කලාතුරකින්

Fearful - බියජනක

Trill - වෙවුලන ස්වරය

Nightmare - භයංකර සිහිනය

 

මෙහිදි ඇන්ජලෝ විසින්  Caged Bird ලෙස සංකේතවත් කරන්නේ සකලවිධ සමාජ අසාධාරණයන්ට ලක් වූ අසරණ කළු ජාතිකයන්. ඔවුන්ගේ නිදහස අහිමි වීම කොයි වගේද කිව්වොත් ඔවුන් හරියට තටු හා පා ගැටගසා පටු කූඩුවක දැමූ කුරුල්ලෙක් වගෙයි. නමුත් සමාජයේ ආධිපත්‍යය පතුරවන සුද්දන් නිදහසේ සැරිසරා සියලු වරප්‍රසාද වින්දනය කරන අයුරු ඈ අපූරුවට දක්වනවා.

මායා ඇන්ජලෝ 2014 වසරේ පරලෝ සැපත් වන විට ලෝකයේ විශ්වවිද්‍යාල පණහකින් පමණ පිරිනමන සම්මාන ආචාර්ය උපාධිවලට හිමිකම් කිව්වා.

 


Wednesday, March 15, 2017

The Eagle - Alfred, Lord Tennyson


The Eagle - Alfred, Lord Tennyson

He clasps the crag with crooked hands;
Close to the sun in lonely lands,
Ring'd with the azure world, he stands.

The wrinkled sea beneath him crawls;
He watches from his mountain walls,
And like a thunderbolt he falls.

රාජාලියා

තදින් අල්ලා ගති ඔහු
රළු පරළු ගල වකුටු දෑතින්
හිරුට ළංවී හුදෙකලා බිම
ඉන්ද්‍ර නීල වන් ලොවින් වටවී

රැළිති නංවා සෙමින් සිඳුතෙර
නොනවතින එක් නිසල ගමනක 
බලා සිටිනා තියුණු උකුසැස් 
තුංග සුවිසල් ශිඛර මත සිට
ඉඩක් ලද විට ක්ෂුද්‍ර මොහොතක
වැටේ සැණෙකින් අකුණ විලසින...

Poetic devices noted :
Personification - He, hands
Alliteration - "...crag with crooked..."
Exaggeration/hyperbole - "Close to the sun in lonely lands" "Like a thunderbolt he falls"
Simile - "Like a thunderbolt"

කැපී පෙනෙන කාව්‍යොපක්‍රම - 
Personification (පුද්ගලාරෝපණය) - රාජාලියාට මනුශ්‍ය ස්වරූපයක් දීම. උදාරහණ - ඔහු යනුවෙන් හැඳින්වීම හා hands (අත්) යන පදය යෙදීම. මෙහිදී පුද්ගලාරෝපණය පුරුෂ ලිංගිකව සිදු වී ඇත. (here the bird has been personified in the masculine gender)

Alliteration (අනුප්‍රාසය) - Repetition of initial consonant sound. එකම ව්‍යංජනාක්ෂරය නැවත යෙදීම මගින් අනුප්‍රාස රසයක් උද්දීපනය කර ඇත. එමගින් රාජාලියාගේ රළු කෑගැසීමේ හඬ පාඨකයාට අසන්නට සලස්වයි.
The alliterative effect used in these lines suggests the hoarse cry of the bird as it acts as an auditory imagery.

Exaggeration/Hyperbole (අතිශයෝක්තිය) - රාජාලියා සිටින උස කෙතරම්ද කිවහොත් හිරුට සමීපයෙනි. මේ අතිශයෝක්තිය ඉතා මැනවින් රාජාලියා වසා සිටින ශිඛරයේ උස පෙන්වයි.
The hyperbole "close to the sun" depicts very clearly the height of the crag where the bird perched. Hence, it could be considered as an effective poetic device.

Simile - A comparison of two different things in one similar factor.
උපමාලංකාරය - අසමාන වස්තූන් දෙකක් එක් සමාන ලක්ෂණයක් නිසා සමාන කොට දැක්වීම. කුරුල්ලා පහතට පැමිණෙන වේගය අකුණු සැරකට සමාන කරයි. තරමක් අතිශයෝක්තියක් බව හැඟේ.
"Like a thunderbolt he falls" This simile clearly brings out the speed of the bird. The poet uses the word "falls" instead of "flies" It is very effective as the word "falls" draws a clear visual imagery.

Once Upon a Time - Gabriel Okara

පුංචි පුතුට...
මපුත..
පෙර මිනිසුන් සිනාසුනේ හදවතිනි..
එමතුදු නොව දෑසිනි
දැන් මිනිසුන්..
දතින් පමණක් සිනාසෙති..
උන්‍‍ගේ හැඟුම් නැති වියළි ඇස්..
සොයයි මා සෙවනැල්ලේද ඇද කුද
පෙර උන් අතට අතදී
වැළඳ ගත්තද හදවතින්..
අද හිනැහී දකුණත දී..
වමත කළඹවයි මා හිස් සාක්කුව..
අහා...! මේ ඔබෙ නිවසමයි..
නැත කිසිදු වෙනසක්..
එන්න ආයෙත් කියති හිනැහී
පළමුවත් දෙවනුවත් එමමැයි..
නමුත් තෙවනුව...
දොර වසා ඇත ඇතුළතින්...
මමත් උගතිමි බොහෝ දේ පුත
තැනට ගැළපෙන මුහුණුලන්නට..
ගෙදර එක් මුහුණකුත්,
පාරෙ එකකුත්, කාර්යාලයෙ තවත් එකකුත්,
අමුත්තන් හට තවත් එකකුත්
පාටි එකකදි වෙනම එකකුත්...
වෙනස් නොවෙනා හිනාමුහුණක්..
මමත් උගතිමි හිනාවෙන්නට..
අනිත් උන්මෙන් දතින් පමණක්
'ආයුබෝවන්' කියමි හිනැහි..
'හොඳයි යනඑක' හිතින් කියමින්..
නැතත් හමුවීම සතුටක්..
කියමි 'කොතරම් හොඳද ආ එක?'
ඒත් මාපුත..
නුඹ වගේ මා සිටිය සමයට
ඔනැ මට දැන් යළිත් යන්නට
රැඟුම මේ මා හිතට වදයක්..
නැවත පෙරසිටි කෙනා වන්නට..
උගත් මේ දෑ නසාලන්නට..
කැඩපතට මා හිනාවෙනවිට..
විස සපුන්ගේ දළ වගෙයි දත්
බොහෝ කලකට පෙරදි මා
හිනැහුනේ මේ වගෙයි කියලා..
කියාදෙනු මැන මා පුතණුවනි..
සැබෑ සිනහව ඔබෙන් පමණකි..
මුළු ලොවෙන් මා විඳින්නේ...