Wednesday, March 15, 2017

The Eagle - Alfred, Lord Tennyson


The Eagle - Alfred, Lord Tennyson

He clasps the crag with crooked hands;
Close to the sun in lonely lands,
Ring'd with the azure world, he stands.

The wrinkled sea beneath him crawls;
He watches from his mountain walls,
And like a thunderbolt he falls.

රාජාලියා

තදින් අල්ලා ගති ඔහු
රළු පරළු ගල වකුටු දෑතින්
හිරුට ළංවී හුදෙකලා බිම
ඉන්ද්‍ර නීල වන් ලොවින් වටවී

රැළිති නංවා සෙමින් සිඳුතෙර
නොනවතින එක් නිසල ගමනක 
බලා සිටිනා තියුණු උකුසැස් 
තුංග සුවිසල් ශිඛර මත සිට
ඉඩක් ලද විට ක්ෂුද්‍ර මොහොතක
වැටේ සැණෙකින් අකුණ විලසින...

Poetic devices noted :
Personification - He, hands
Alliteration - "...crag with crooked..."
Exaggeration/hyperbole - "Close to the sun in lonely lands" "Like a thunderbolt he falls"
Simile - "Like a thunderbolt"

කැපී පෙනෙන කාව්‍යොපක්‍රම - 
Personification (පුද්ගලාරෝපණය) - රාජාලියාට මනුශ්‍ය ස්වරූපයක් දීම. උදාරහණ - ඔහු යනුවෙන් හැඳින්වීම හා hands (අත්) යන පදය යෙදීම. මෙහිදී පුද්ගලාරෝපණය පුරුෂ ලිංගිකව සිදු වී ඇත. (here the bird has been personified in the masculine gender)

Alliteration (අනුප්‍රාසය) - Repetition of initial consonant sound. එකම ව්‍යංජනාක්ෂරය නැවත යෙදීම මගින් අනුප්‍රාස රසයක් උද්දීපනය කර ඇත. එමගින් රාජාලියාගේ රළු කෑගැසීමේ හඬ පාඨකයාට අසන්නට සලස්වයි.
The alliterative effect used in these lines suggests the hoarse cry of the bird as it acts as an auditory imagery.

Exaggeration/Hyperbole (අතිශයෝක්තිය) - රාජාලියා සිටින උස කෙතරම්ද කිවහොත් හිරුට සමීපයෙනි. මේ අතිශයෝක්තිය ඉතා මැනවින් රාජාලියා වසා සිටින ශිඛරයේ උස පෙන්වයි.
The hyperbole "close to the sun" depicts very clearly the height of the crag where the bird perched. Hence, it could be considered as an effective poetic device.

Simile - A comparison of two different things in one similar factor.
උපමාලංකාරය - අසමාන වස්තූන් දෙකක් එක් සමාන ලක්ෂණයක් නිසා සමාන කොට දැක්වීම. කුරුල්ලා පහතට පැමිණෙන වේගය අකුණු සැරකට සමාන කරයි. තරමක් අතිශයෝක්තියක් බව හැඟේ.
"Like a thunderbolt he falls" This simile clearly brings out the speed of the bird. The poet uses the word "falls" instead of "flies" It is very effective as the word "falls" draws a clear visual imagery.

Once Upon a Time - Gabriel Okara

පුංචි පුතුට...
මපුත..
පෙර මිනිසුන් සිනාසුනේ හදවතිනි..
එමතුදු නොව දෑසිනි
දැන් මිනිසුන්..
දතින් පමණක් සිනාසෙති..
උන්‍‍ගේ හැඟුම් නැති වියළි ඇස්..
සොයයි මා සෙවනැල්ලේද ඇද කුද
පෙර උන් අතට අතදී
වැළඳ ගත්තද හදවතින්..
අද හිනැහී දකුණත දී..
වමත කළඹවයි මා හිස් සාක්කුව..
අහා...! මේ ඔබෙ නිවසමයි..
නැත කිසිදු වෙනසක්..
එන්න ආයෙත් කියති හිනැහී
පළමුවත් දෙවනුවත් එමමැයි..
නමුත් තෙවනුව...
දොර වසා ඇත ඇතුළතින්...
මමත් උගතිමි බොහෝ දේ පුත
තැනට ගැළපෙන මුහුණුලන්නට..
ගෙදර එක් මුහුණකුත්,
පාරෙ එකකුත්, කාර්යාලයෙ තවත් එකකුත්,
අමුත්තන් හට තවත් එකකුත්
පාටි එකකදි වෙනම එකකුත්...
වෙනස් නොවෙනා හිනාමුහුණක්..
මමත් උගතිමි හිනාවෙන්නට..
අනිත් උන්මෙන් දතින් පමණක්
'ආයුබෝවන්' කියමි හිනැහි..
'හොඳයි යනඑක' හිතින් කියමින්..
නැතත් හමුවීම සතුටක්..
කියමි 'කොතරම් හොඳද ආ එක?'
ඒත් මාපුත..
නුඹ වගේ මා සිටිය සමයට
ඔනැ මට දැන් යළිත් යන්නට
රැඟුම මේ මා හිතට වදයක්..
නැවත පෙරසිටි කෙනා වන්නට..
උගත් මේ දෑ නසාලන්නට..
කැඩපතට මා හිනාවෙනවිට..
විස සපුන්ගේ දළ වගෙයි දත්
බොහෝ කලකට පෙරදි මා
හිනැහුනේ මේ වගෙයි කියලා..
කියාදෙනු මැන මා පුතණුවනි..
සැබෑ සිනහව ඔබෙන් පමණකි..
මුළු ලොවෙන් මා විඳින්නේ...

සාහිත්‍යය සිංහලෙන්...


සාහිත්‍යය සිංහලෙන් බ්ලොග් අඩවිය ආරම්භ කළේ ඉංග්‍රීසි සාහිත්‍යය සාමාන්‍ය පෙළට ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙනුයි. ඔවුන්ට ඉංග්‍රීසි අඩවියක් විනා සිංහල එකක් කුමටද? ඇත්ත.. නමුත් සාමාන්‍ය පෙළට නිර්දේශිත බොහෝ ඉංග්‍රීසි කවි, කෙටිකතා ආදිය සඳහා ඉංග්‍රීසි බසින් ලියවුණු විචාර අන්තර්ජාලයේ සොයා ගන්නට අපහසු නෑ.. මේ ඒ දරුවන්ට සිංහලෙන් අත්වැලක් වන්නට සැකසුණු අඩවියක්... 
මෙහි මා පළ කරන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සාහිත්‍යය විෂයයට නිර්දිෂ්ට කවි, කෙටිකතා හා වෙනත් ගද්‍ය (ප්‍රබන්ධ නොවන) යන්හී සිංහල පරිවර්තනයි. ඒවා සෘජු පරිවර්තන නොවී ඇතැම් විට අනුවර්තන ලෙසින්ද පළ වෙනු ඇති. අනුවර්තන හා සෘජු පරිවර්තනය අතර වෙනස හඳුනා ගැනීම පාඨක ඔබට භාරයි.   
ඇත්තටම සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සාහිත්‍යය විෂයය නිර්දේශය දෙස බලන්නෙකුට පැහැදිලිවම එහි ඉංග්‍රීසි සාහිත්‍යයට එහා ගිය යමක් දකින්නට පුළුවනි. මාධ්‍යය ඉංග්‍රීසි වුවත් ඉංග්‍රීසි ලේඛකයන් අපි දකින්නේ අතළොස්සයි. විලියම් බ්ලේක්, ජෝන් කීට්ස්, ඇල්ෆ්‍රඩ් ටෙනිසන්, සාකි (හෙක්ටර් හියු මුන්රෝ) වැනි කිහිප දෙනෙක් හැරුණු විට අනෙක් සියලු ලේඛකයන් හරහා අපට මුණ ගැසෙන්නේ අතිශය විවිධත්වයෙන් යුත් ලෝක සාහිත්‍යයක්... 
ඒ අතර ශ්‍රී ලාංකීය (යැස්මින් ගුණරත්න, තිස්ස අබේසේකර, කුමාර සංගක්කාර, සොනාලි දැරණියගල), ඉන්දීය (හරීන්ද්‍රනාත් චට්ටෝපාධ්‍යාය, රාසිපුරම් ක්‍රිෂ්ණස්වාමි අයියර් නාරායනස්වාමි), ගයනියානු (ජොන්සන් ඇගාඩ්), චිලියානු (ගේබ්‍රියලා මිස්ට්‍රල්), අමෙරිකානු (ස්ටීවන් ක්‍රේන්, එමිලි ඩිකින්සන්, එඩ්වින් ආර්ලින්ටන් රොබින්සන්, මායා ඇන්ජලෝ), නයිජීරියානු (ගේබ්‍රියල් ඔකාරා) ලේඛක ලේඛිකාවන් හරහා එකී සංස්කෘතීන් විනිවිද දකින්නට අපට අවස්ථාව උදා වනවා.
එහෙනම් අවසරයි.... යමු මාත් එක්ක මේ සොඳුරු සාහිත කෙතේ ඇවිදින්නට...